මේ වන විට ගල්ෆ් රටවලදී කොරෝනා ආසාදිතයන් 19,000 ක් වාර්තාවන අතර මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 166 ක්.
මරණකරුවන්ගෙන් බහුතරය ඉන්දීය, පකිස්ථාන, බංග්ලාදේශ , නේපාල හා පිලිපීන ජාතිකයන් වන අතර අරාබි රටවල පුරවැසියන්ගේ මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ ඉතා අවම මට්ටමකයි.
ඒ අනුව එම රටවලදී කොරෝනා ආසාදිතයන් බවට පත්වන විදේශිකයින්ට නිසි අවධානයක් යොමුවන්නේදැයි මාධ්‍ය වාර්තා කිහිපයක්ම සැක පළ කර තිඛෙනවා. .