විපක්ෂ නායක සජිත් ‌ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නව සන්ධානයක් පිහිටුවා ඉදිරි මහමැතිවරණයට තරඟ වැදීම අරමුණු කරගෙන ලබන බ්‍රහස්පතින්දා (23) දින‌ සිට රට පුරා දැවැන්ත රැස්වීම් මාලාවක් සංවිධාන කිරීමට සජිත් පාර්ශ්වය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව එම සන්ධානයේ පළමු රැස්වීම නුගේගොඩ නගර මධ්‍යයේ පැවැත්වීමට නියමිතයි.

ඊට අවශ්‍ය පසුබිම සකස් කිරීම සදහා අද (17) දිනයේ සිට පක්ෂයේ පළාත් සභා, ප්‍රාදේශීය සභා සහ ආසන සංවිධායකවරුන් විපක්ෂ නායක කාර්යාලයට කැදවා සාකච්ජා පැවැත්වීමට තීන්දු කර තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු සිය ‌දේශපාලන ගමන යළි ආරම්භ කළේද ‘මහින්ද සුළග’ නමින් නුගේගොඩ නගර මධ්‍යයේ රැස්වීමක් සංවිධාන කරමිනි