මේ සඳහා උගත්, බුද්ධිමත් තරුණ පිරිසක් ඉදිරිපත් කිරීමට සැළසුම් කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් සඳහන් කර ඇත..
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය මත ක්‍රියාත්මක වෙන මෙම වැඩ පිළිවෙළ සඳහා ඉදිරි මැතිවරණයේදී දිස්ත්‍රික්ක මට්ටමින් තරග කිරීම සඳහා මේ අලුත් මුහුණු ද ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ
මේ අතර පසුගියදා වාර්තා කර තිබුන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හිතවත් ‘වියත්මඟ’ සංවිධානයේ පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සාමාජිකත්වය දරන කිසිඳු පක්ෂයක සාමාජිකත්වය නොගෙන ඉදිරි මහ මැතිවරණයේදී අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්වීමට බලාපොරොත්තුවෙන් සිටීම පිළිබඳව එම සන්ධානයේ පක්ෂ නායකයින් අතර විරෝධයක් මතුව ඇති බවයි.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, වෘත්තිකයින් හා හිටපු හමුදා නිලධාරීන් පිරිසක් මෙලෙස මහ මැතිවරණයට ඉදිරිපත්වීමට බලාපොරොත්තුව සිටින අතර ආචාර්ය නාලක ගොඩහේවා, මිලින්ද රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්රාල් හා ආචාර්ය චරිත හේරත් ඒ පිරිස අතර සිටිති.
හැමදාම මේ වගේ අලුත් වන පුවත් දැන් ගන්න
https://www.facebook.com/pg/The-Voicetubeg-114349423363748/community/
පේජ් එකට ලයික් කරන්න
0 Comments