රජයේ ආයතනවලින් සේවාවන් ලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ අල්ලස් ගෙන නීතිවිරෝධී ලෙස එම කටයුතු ඉටු කර දීමට මැදිහත් වන පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන්නේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීම මතයි.
මෙම මෙහෙයුමට බුද්ධි අංශ සහ විශේෂ පොලිස් කණ්ඩායම් එක්වී සිටී.
මෑතකදී වේරහැර මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ තැරැව්කරුවන් හය දෙනකු අත්අඩංගුවට ගත්තේ එම මෙහෙයුම මඟිනි.
ජනතාවගෙන් චෝදනා එල්ල වන ආයතන බොහෝ ප්‍රමාණයකට මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර බුද්ධි නිලධාරීන් යෙදවීමට නියමිතය.
0 Comments