පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ බලපත්‍ර යාවත්කාලීන නොකරන ලද පිස්තෝලයක් ළඟ තබාගැනීමේ චෝදනාවට නොවන බව ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශ රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

මහනුවරදී අද මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව සමඟ පැවැත්වූ දුරකථන හඬ පට ළඟ තබා ගැනීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගත් බවයි.