හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අමාත්‍යධුරය හෙබ වූ කාලයේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ ප්‍රගතිය පිළිබදව ස්තුතියි කරමින් ලිපියක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ මැලේරියාව තුරන් කිරීම, HIV, සිපිලීස් වැනි රෝග මවගෙන් දරුවාට බෝ වීම තුරන් කිරීම, ළදරු, මාතෘ , ළමා, මරණ පහල යාම පිළිබඳව ඔහු අමාත්‍යවරයාව සිටි කාලය තුල ලබාගත් ප්‍රගතිය සම්බන්ධයෙන් මෙම ලිපියෙන් යුනිසෙෆ් නියෝජිත ටිම් සටන් අමාත්‍යවරයාට ස්තුතිය පුද කර ඇත. 

මෙම ලිපිය සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් මෙය තමාගේ පමණක් නොව රටෙහි ජයග්‍රහණයක් බව සඳහන් කර ඇත.

රාජිත ට සාප කරන සැමට ස්තුතියි....

මේ අමුණා ඇත්තේ පසුගිය 11වන දින මා වෙත unicef සංවිදානය ඒවා තිබුණු ලිපියකි

මෙරට

මැලේරියාව තුරන් කිරීම.

Hiv, සිපිලීස් වැනි රෝග මවගෙන් දරුවාට බෝ වීම තුරන් කිරීම

ලදරු, මාතෘ , ළමා, මරණ පහල යාම

පිළබදව මා අමාත්‍යවරයාව සිටි කාලයේ
ලබා ඇති ප්‍රගතිය පිළිබදව ස්තුතියි කරන
ලිපියකි.

ඔව්න් ගේ මෙම ඇගයීම මාගේ පුද්ගලික ජයග්‍රහණය ක්‌ නොව මගේ රටේ ජයක් බව කිව යුතුය.

මා විරුද්ධ කණ්ඩායමේ පරම හතුරෙකු ව සිටින්නේ

මිනීමරා,
රාජ්‍ය දේපල සොරකම් කර,
හෝ
වෙනත් අපරාදේ සිදුකර නොවේ.

ආක්‍රමනශීලීව දේශපාලන ය කල වරදටය.

හර්ද සාක්ෂිය පසෙක තබා ද්වේශයෙන් කතා කරන මිනිසුන් හැර අනෙක් හදවත් ඇත්තන්

මා මෙරටේ සෞඛ්‍ය සේවය ව තුල කල සේවය හොදින්ම දනිති..

සමාජ ජාලාවල,
රාජිත ව මැරෙන්නට ප්‍රාර්ථනා කල..

අග මුල නොදන්නා ඇතමුන් ගැන මම කම්පා නොවන්නේ
ඔවුන් දේශපාලනයෙන් පමණක් නොව,
ආගමික, හා සදාචාරාත්මකව ද නොමග ගොස් ඇති නිසාය.
ඔවුන්ට පුද්ගලික ව කිසිදු වරදක් නොකර, දේශපාලන සතුරෙකු වූ පමණින් මා තවකෙකුගේ මරණය ප්‍රාර්ථනා කිරීම ඔව්න්ගේම හර්දසාක්ෂිය සමග විසඳා ගැනීමට ඉඩ තබමි.

එහෙත් මාගේ ජනහිතකාමී සෞඛ්‍ය ප්‍රතිපත්ති ය තුලින් ප්‍රතිලාබ ලැබූ මේ රටේ සුවහසක් දුප්පතුන් අතරින්

එක් මිනිසෙකුගේ නිහඬ ආශීර්වාදය ද්වේශයෙන් පෙලෙන දහස් ගනනකගේ වෛරයට වඩා බලවත් බව මම දනිමි..

ස්තුතියි..