ඇමෙරිකානු ජනාධිපතිවරයා එම අනතුරු ඇඟවීම කළේ, ඉරාන හමුදාවේ මුල් පෙළේ ජනරාල්වරයකු වූ කාසෙම් සුලෙයිමානි(Qasem Soleimani ) පසුගිය සිකුරාදා ඉරාකයේ 'බැග්ඩෑඩ්' ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වූ අවස්ථාවේ නියමුවන් නොමැති යානයක් යොදා ගනිමින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් මරා දැමීමෙන් අනතුරුව, දෙරට අතර ගැටුම්කාරී තත්ත්වය උත්සන්න වෙමින් පවතින අතරය.
සිය හමුදා නායකයා ඝාතනය කරනු ලැබීම සම්බන්ධයෙන් "අමෙරිකාවෙන් පළිගන්නා" බවට ඉරානය තරයේ සපථ කර තිබේ.
"නිශ්චිත ඇමෙරිකානු දේපොළ ඉලක්ක කොට පහර දෙන බවට ඉරානය නිර්භීත විධියට කතා කරනවා. අපට පහර දුන්නොත් අපිත් සැණෙකින් රිදෙන්න ගහනවා. ඉරානයට ඉතා ඉහළ වටිනාකමක් ඇති ඒවගේම ඔවුන්ට සංස්කෘතිකමය වශයෙන් වැදගත් ස්ථාන පනස් දෙකක්(52) අපි හඳුනාගෙන තිබෙනවා" ටෙහෙරාන් බලධාරීන්ට අනතුරු අඟවමින් ජනාධිපති ට්‍රම්ප් විසින් නිකුත් කරන ලද 'ට්විටර්' පණිවුඩයෙහි දැක්වේ.
ප්‍රහාර සඳහා ස්ථාන පනස් දෙකක් තෝරා ගැනීම මගින්, 1979 වසරේ දී ඉරානය විසින් ටෙහෙරාන් නුවර පිහිටි සිය තානාපති කාර්යාලයෙන් ගෙන යන ලදුව වසරකට අධික කාලයක් ප්‍රාණ ඇපයේ තබාගන්න ලද ඇමෙරිකානුවන් පනස් දෙදෙනා සංකේතවත් කෙරෙන බවත් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේය.
"ඇමෙරිකා එක්සත් ජනපදය යුද අවි සඳහා ඩොලර් 'ට්‍රිලියන' දෙකක් වැය කර තිබෙනවා. අපි තමයි මුළු ලෝකයේම දැවැන්තම, ඒවගේම හොඳම ශක්තිමත් යුද ශක්තිය! ඉරානය අපේ ඇමෙරිකානු කඳවුරකට, ඕනෑම ඇමෙරිකානුවෙකුට ගැහුවොත් අපි අපේ අලුත්ම ලස්සන අවි ආයුධ කීපයක් කිසිම පැකිළීමකින් තොරව ඔවුන්ට ලැබෙන්න සලස්වනවා"සිය 'ට්විටර්' පණිවුඩය මගින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉරානයට අනතුරු අඟවනු ලබන්නේ එවැනි වදන් සමූහයක් මගිනි.
ඉරාන නායකත්වය,යුද යාන්ත්‍රණය සහ ආර්ථික මර්මස්ථාන පමණක් නොව "සංස්කෘතිකමය වශයෙන් වැදගත් ස්ථානවලටත් පහර දෙන බව ජනාධිපති ට්‍රම්ප් කියා සිටී.
ජනාධිපති ට්‍රම්ප්ගේ තර්ජනාත්මක අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් 'ට්විටර්' පණිවුඩයක් මගින් ප්‍රතිචාරය පළකළ ඉරානයේ විදේශ ඇමති මොහොමඩ් ජාවඩ් සරීෆ්(Mohammad Javad Zarif ) "ජනරාල් සුලෙයිමානි මරා දමනු ලැබීම ජාත්‍යන්තර නීතිය කඩකිරීමක් බවත් සංස්කෘතික කලාප ඉලක්ක කරගැනීම යුද අපරාධයක්" වන බවත් කියා සිටියේය
0 Comments