ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා.
2020 නව වසර එළඹීමෙන් පසුව ඉන්දීය අගමැතිවරයා විසින් සිය අසල්වාසී රාජ්‍ය වන ශ්‍රී ලංකාවේ නායකයින් දෙපළට සිය නව වසර සුභාශිංසන පිරිනැමූ බවයි ඉන්දීය අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ.
ඉන්දීය අගමැතිවරයාගේ නව අවුරුදු සුභ පැතුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා උණුසුම්ව පිළිගනු ලැබූ බවත් 2020 වර්ෂයේදී දෙරටේ සම්බන්ධතාවයන් තවදුරටත් වර්ධනය කර ගැනීමට හැකිවෙනු ඇති බවට දෙරටේ රාජ්‍ය නායකයින් සිය දුරකථන සංවාදයේදී අදහස් හුවමාරු කර ගෙන ඇත.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාව සමඟ සමීප හා පුළුල් සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට ඉන්දියාවේ කැපවෙන බවට අවධාරණය කර ඇත. නව වසරට ඉන්දීය අගමැතිවරයාට සුභ පැතුම් එක්කරමින් දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාව දැඩි කැමැත්තක් දක්වන බවට මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ප්‍රකාශ කර ඇති බවයි ඉන්දීය අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ
0 Comments