ජනප්‍රිය කලාකරුවෙකු වන උද්ධික ප්‍රේමරත්න ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීම සඳහා තීරණය කර තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඔහු මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතයි.

පසු ගිය ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටි ඔහු මැතිවරණයට ඉදිරිපත් වන්නේද පොදුජන පෙරමුණ නියෝජනය කරමිනි.

උද්ධික ප්‍රේමරත්න මේවන විට ආසන මට්ටමින් රැස්වීම පැවැත්වීමටද ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.