රජය යටතේ පවතින සියලුම ආයතනයන්හි සභාපතිවරුන් වෙනුවෙන් පවතින ඉහළ වැටුප් ප්‍රමාණය කප්පාදුවට ලක් කරමින් නව වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව මෙතෙක් අදාළ ධුරවලට විශාල වශයෙන් ගෙවූ වැටුප් ප්‍රමාණය විශාල වශයෙන් පහළ යනු ඇති බවට අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙතෙක් දේශපාලන හිතවත්කම් මත පදමනම්ව සිදුවූ ආයතන සභාපතිවරුන් හා අනෙකුත් ඉහළ නිලයන්හි පත් කිරීම් මින් මතු සිදුවනු ලබන්නේ පිළිගත් විද්වත් කමිටුවක් හරහා වන අතර, එම තනතුරුවල වැටුපද රජයට දැරිය හැකි සාමාන්‍ය මට්ටමේ වැටුපක් වනු ඇති බවටද දැනගන්නට ලැබේ.
පසුගිය පාලන කාලයන් ආදර්ශයට ගනිමින් ඇතැම් සභාපතිවරුන්ට ගෙවූ විශාල වැටුප් ප්‍රමාණයන් ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් කප්පාදුවට ලක් කිරීමට මේවන විටත් පියවර ගෙන තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතන සභාපතිවරයාගේ වැටුප ලක්ෂ 20 සිට රුපියල් ලක්ෂ දෙකහමාර දක්වා අඩු කොට තිබේ.
එමෙන්ම මින්මතු සභාපතිවරුන් පත්කිරීමේදී සුදුසුකම් අනිවාර්ය වන අතර, දේශපාලන හිතවත්කම් මත ආයතන සභාපතිකම් පැවරීම අවසන් වනු ඇති බවට ද වාර්තා වේ.
මින් ඉදිරියට සියලු පත්වීම් සිදුකරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ විශේෂ කමිටුවක් හරහා වන අතර, සෑම පත්වීමක් සඳහාම අදාළ කමිටුවේ නිර්දේශය අත්‍යාවශ්‍ය වේ
0 Comments