ඉදිරි මහමැතිවරණය සඳහා තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ කරන බව අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ බිරිඳ මුදිතා ද සොයිසා මහත්මිය පවසයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය මත තමා මැතිවරණයට තරඟ කරන බවත් රත්නපුර ජනතාවගේ ඉල්ලීමට හිස නමා මෙම තීරණය ගත් බවත් ඇය පැවසුවාය.

ගොඩකවෙල තම නිවසේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය කියා සිටියේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත තමන් ඔහු හා සාකච්ඡා කළ බවත් ඒ අනුව තමන්ට දේශපාලන කටයුතු ආරම්භ කරන ලෙස ඔහු කළ ඉල්ලීම ද විශාල ශක්තියක් වූ බවය.