එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවී මහතා එජාපයෙන් ඉවත්වී වෙනම තරග කිරීමට තීරණය කර ඇතැයි ඔහුට සමීප ආරංචිමාර්ග සඳහන් කරයි.
අදාළ දේශපාලන තීන්දුව සඳහා ඔහුගේ සමීපතමයින් සමග සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති අතර, ඔවුන්ගේ අදහස වී ඇත්තේද මේ මොහොතේ මංගල සමරවීර මහතා කිසියම් දේශපාලන තීන්දුවක් ගතයුතු බවයි.
අදාළ දේශපාලන තීන්දුව ජනාධිපතිවරයාගේ ඉදිරි වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සහයෝගය දැක්වීමේ එකක් විය යුතු බවද ඔහුගේ සමීපතමයින් දන්වා ඇතැයි ද සඳහන්.
ඉදිරි මහ මැතිවරණයේදී මංගල සමරවීර මහතා යළිත් එක්සත් ජාතික පෙරමුණෙන් මාතර දිස්ත්රික්කයෙන්ම ඉදිරිපත් වන්නේ නම් එහිදී තාක්ෂණික ගැටළුවක්ද මතු වන බව අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
විශේෂයෙන්ම නව සීමා නීර්ණ කොන්දේසිවලට අනුව මාතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පෙරමුණට ලැබෙන මන්ත්‍රී ආසන ප්රමාණයේත්, සමස්ථයක් ලෙස සියලුම දේශපාලන පක්ෂවලට ලැබෙන මන්ත්‍රී ආසන සංඛ්‍යාවේත් විශමතාවක් ඇති වන බවත්, එය එක්සත් ජාතික පෙරමුණට විශේෂ ගැටළුවක් නිර්මාණය කරන්නක් බවට පත්විය හැකි බවත් දේශපාලන විචාරකයෝ මත පළ කරති.
ඒ අනුව මේ මොහොතේ මංගල සමරවීර මහතාට ගත හැකි වඩා යහපත්ම තීන්දුව වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය ලබාදීම බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.
කෙසේවුවද මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොමැති බව මංගල සමරවීර මහතාගේ කාර්යාල ආරංචිමාර්ග අවධාරණය කරයි.
0 Comments