Cannabis sativa නම් විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන “කංසා” හෙවත් ගංජා රට පුරා තහනම් වගාවකි. මේ නිසා ආයුර්වේදය සම්බන්ධව කතා කරද්දී ගංජා යනු කුමක්ද යන්න පිළිබඳව ද ඔබ තුළත් සැකයක් මතුවන්නට ඇත. නමුත් වෛද්‍ය කර්මයේ දී ඉතා සුවිශේෂී වූ ඖෂධයක් ලෙස “කංසා” හැඳින්විය හැක.
මෙය අවුරුදු දහතුන් දහසකටත් වඩා පැරැණි ඖෂධයකි. ආසියානු කලාපය තුළ මෙහි ව්‍යාප්තිය ආරම්භ වේ. විශේෂයෙන් ඉන්දියාව මුල්කරගත් ප්‍රදේශවලින් ආරම්භ වී අද වෙද්දී මුළු ලෝකය පුරා ව්‍යාප්ත වී පවතී.
“කංසා” විවිධාකාර ක්‍රම වෙනුවෙන් භාවිත කර ඇති බවට ඈත අතීතය ගැන කළ නිරීක්ෂණයන්හිදී මනාව ඔප්පු වෙයි. විශේෂයෙන් “කංසා” කෙඳිවලින් ලණු, නූල් ගෙතීම, කංසා පල්පයකින් කඩදාසි නිපදවීම මෙන්ම කංසාවලින් ඉන්ධන නිෂ්පාදනය ද කර ඇති බවට සාක්ෂි හමුවෙයි.
කංසා ඇටවලින් ලබාගනු ලබන තෙල් ඉතා සුවිශේෂී තෙලකි. මෙය ආහාර පිසීමට ගැමියන් විසින් යොදාගෙන ඇත. මෙම තෙල ශරීර ආලේපනය කිරීමටද යොදාගෙන ඇති බවට සාක්ෂි අතීතයෙන් ද ලබාගත හැක.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව “කංසා” පැළෑටිය විවිධ ලෙඩරෝග සුවපත් කිරීම සඳහා ඉතා ගුණදායක ඖෂධයක් ලෙස සැලකේ. ලංකාවේද ඈත අතීතයේ දී ඉතා සුවිශේෂී ඖෂධයක් ලෙස යොදාගෙන ඇත. විශේෂයෙන් ජනතාවගේ නිරෝගීකමට, මානසික සුවයට, ජවසම්පන්න බව ආරක්ෂා කිරීමට “කංසා” ඖෂධය ඉතා වැදගත් වේ.
ඈත අතීතයේ දී පැරැණියෝ ඉතා හොඳ ඖෂධයක් ලෙස “කංසා” භාවිත කළ ද ඉංග්‍රීසින් විසින් රට යටත් කර ගැනීමත් සමඟම කංසා වගාව සහ අංගම්පොර කලාව තහනම් කරන ලදී. “කංසා” වෙනුවට ඉංග්‍රීසීහු දුම්කොළ මෙරටට හඳුන්වා දුන්හ.
ආයුර්වේද වෛද්‍යවරයාට සිය වෛද්‍ය කර්මයේ දී ඉතා වටිනා ඖෂධයක් වන කංසා අද වෙද්දී අහිමි වෙමින් පවතී. කංසා ශෝධන ක්‍රමවලින් එනම් ආයුර්වේදයේ දී පිරිසුදු කරගන්නා ක්‍රම මගින් එහි ඇති මත්ගතිය ඉවත් කරගැනීමේ හැකියාවක් ආයුර්වේදයේ දී පවතී. එවන් ක්‍රම මගින් “කංසා” පැළෑටියේ ඇති මත්ගතිය ඉවත් කර ලබාගත් කංසා ආයුර්වේදයේ බොහෝ රෝගයන්ට ඉතා සාර්ථක ප්‍රතිකාරයකි. එවිට එය හොඳ ඖෂධයකි.
මෙම වටිනා ශාකය නීතිගත විය යුතුයි කියා ඔබට සිතෙනවා ඇති.. අපේ පැරැණ්නන්ගේ උරුමය අප ලබාගත යුතු නොවේ ද?
0 Comments