ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර දී පශු වෛද්‍යවරියක සමූහ දූෂණයට ලක්කර පුළුස්සා ඝාතනයකිරීමේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් සිව්දෙනා පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වතිබේ.

ඉන්දීය පොලීසිය විසින් සැකකරුවන් අපරාධය සිදුවූ ස්ථානයට රැගෙන ගිය අවස්ථාවේ, පොලීසියෙන් මිදී පලායාමට උත්සාහ කර ඇති බවත් පසුව පොලීසිය විසින් එල්ලකළ වෙඩි පහරින් ඔවුන් සිව්දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබේ.

26 හැවිරිදි වෛද්‍යවරියක වූ ප්‍රියංකා රෙඩ්ඩි පසුගිය 26 වැනිදා සිය සේවා ස්ථානයේ සිට පැමිණෙමින් සිටියදී සැකකරුවන් විසින් ඇය සමූහ දූෂණයට ලක්කර පසුව පුළුස්සා ඝාතනය කර තිබිණි.

පසුගිය දින කිහිපය පුරාවටම ඉන්දියාවේ කාන්තා සංවිධාන ඇතුළු සිවිල් සංවිධාන රැසක් වීදි බැස විරෝධතාවල නිරත වූ අතර ඔවුන් ඉල්ලා සිටියේ ඝාතකයන්ට මරණ දඬුවම ලබාදෙන ලෙසත් නැතහොත් ඔවුන් තමන්ට භාරදෙන ලෙසත් ය.