පවතින අධික වර්ෂාවත් සමග ‌කොළඹ ජාතික ‌රෝහලේ 27 වාට්ටුව ජලයෙන් යටවී ඇතැයි වාර්ථාවනවා.

මේ ‌‌හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි ‌රෝගීන් දැඩි පීඩාවට පත්ව තිබෙනවා.

දියවැඩියා ‌‌‌රෝගයෙන් ‌පෙළන, ‌පාදයේ තුවාල සහිත පුද්ගලයින්‌‌ගේ තුවාලවලට ‌මේ ‌හේතුවෙන් විශබීජ ඇතුල් විය හැකි බවයි ‌රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ.

එමෙන්ම ‌රෝගීන් සඳහා පනවා ඇති අසුන්ද වර්ෂා ජලයෙන් ‌‌තෙමී ඇති බවයි වාර්ථාවුණේ.