මෙරට සිටින සියලුම තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සමග විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

පැහැර ගැනීමට ලක් වූවායැයි කියන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව පිළිබඳ එහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්ථාවන්නේ.

කෙසේ වෙතත් මෙම පැහැර ගැනීමේ කථාව රජය අපහසුතාවට පත් කිරීම සඳහා සිදුකළ ප්‍රචාරයක් බවයි විදේශ අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මේ අතර පැහැරගැනීමට ලක් වූ බව කියන, මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික නිලධාරිනියව ගුවන් මගින් ස්විට්සර්ලන්තයට රැගෙනයාමට මෙරට ස්විස් තානාපතිවරයා සහ ස්විට්සර්ලන්ත විදේශ කටයුතු ආමත්‍යාංශය ශ්‍රි ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (04) පැවසුවා.

කෙසේවෙතත් අධිකරණයේ අවසරයකින් තොරව විදෙස්ගතවීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මේ වන විටත් අදාල නිලධාරිනියට එරෙහිව නියෝගයක් නිකුත් කර තිබෙනවා.