කොන්සර්වේටිව් පක්ෂයට ලිපියක් යොමුකරන ඇය පෙන්වා දෙන්නේ, එවැනි කරුණු තුළින් ශ්‍රී ලංකාවේ සංහිඳියාවට බරපතල ගැටලු ඇතිකරන බවයි.
එළඹෙන 12 වැනිදා පැවැත්වෙන එක්සත් රාජධානීයේ මහ මැතිවරණය සඳහා පාලක කොන්සර්වේටිව් පක්ෂය විසින් එළි දැක්වු පිටු 64 කින් යුත් මැතිවරණ ප්‍රකාශය තුළ ශ්‍රී ලංකාව තුළ රාජ්‍යයන් දෙකක් බිහිකිරිමේ විසඳුමකට සහය දෙන බව ප්‍රකාශ කර තිබේ.
"උපුටාගැනීම
‘‘ලොව පුරා සංහිඳියාව, ස්ථාවරත්වය සහ යුක්තිය ළගා කර ගැනීමට ගෙන ඇති ජාත්‍යන්තර වැඩපිළිවෙලට අපේ සහය ලබාදීම අඛණ්ඩව සිදුකරන අතර සයිප්‍රසය, ශ්‍රී ලංකාව සහ මැදපෙරදිග වැනි වත්මන් හෝ මීට පෙර අර්බුද කලාපයන් වෙනුවෙන් රාජ්‍ය දෙකක විසඳුම සඳහා අපගේ සහයෝගය පවත්වා ගැනීම සිදුකරනු ලබනවා."
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු කරුණ සම්බන්ධයෙන් එංගලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය කන්සර්වේටිව් පක්ෂයේ සම සභාපති ජේම්ස් ක්ලේවර්ලී මහතාගෙන් පසුගිය 27 වැනිදා විමසීමක් සිදුකර ඇති බවයි.
ශ්‍රී ලංකාව සදහා රාජ්‍ය දෙකක විසඳුමක් අනවශ්‍ය බවත් එය කිසිදු ලෙසකින් පිළිගත නොහැකි කරුණක් වන බවත් එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මනීෂා ගුණසේකර මහත්මිය යොමුකළ ලිපියේ දැක්වේ.
එවැනි විසදුමක් මින්පෙර එක්සත් රාජධානියේ කිසිදු පක්ෂයක ප්‍රතිපත්ති ප්රකාශනයට ඇතුළත් නොවූ කරුණක්.
ගුණසේකර මහත්මිය සිය ලිපිය මගින් අවධාරනය කරන්නේ, ශ්‍රී ලංකාවට එරෙහි කොන්සර්වේටි පක්ෂයේ මෙම ස්ථාවරය ශ්‍රී ලංකාවේ සංහිදියා ක්‍රියාවලිය දිගින් දිගටම අවතක්සේරුවට ලක්කරන අතර, එල්.ටී.ටී.ඊ හිතවාදින්ට එය වාසියට ගෙන කටයුතු කිරිමට ඉඩකඩ සලසා ඇති බවයි.
එමෙන්ම කන්ස්ර්වේටිව් පක්ෂය එළි දැක්වු ප්‍රතිපත්ති ප්‍රකාශයේ අදාල පරිච්ඡේදය ශ්‍රී ලංකාව පිළිබදව දරන ස්ථාවරය පිළිබිඹු වන ලෙස නිවැරදි කිරිම අගයකරන බව ඇය සිය ලිපිය මගින් අවධාරණය කර තිබේ.
ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගේ ලිපියට ප්‍රතිචාර දක්වමින් කන්සර්වේටිව් පක්ෂයේ නියෝජ්‍ය සභාපති පෝල් ස්කලී මහතා ඊමේල් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කරන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය පක්ෂයේ මතය නොවෙනස් බවයි.
නමුත් රාජ්‍යයන් දෙකක කරුණු අඩංගු කරනු ලැබුවේ ඊශ්‍රායලය සහ පලස්තීනය සම්බන්ධයෙන් පමණක් බවත්, ශ්‍රී ලංකාව සහ සයිප්‍රසය පිළිබද වූ කරුණු බෙදුණු සමාජයන් හී සාමය සහ සංහිදියාව සදහා දැනට පවතින ක්රියාදමයන්ට සහයදීමක් පමණක් බව ද ඔහු සිය ඊමේල් පණිවිඩය මගින් කරුණු දක්වා තිබේ.
කොන්සර්වේටිව් පක්ෂ ප්‍රතිපත්ති ප්රකාශනයේ ඇතුළත් අදාළ කරුණු දැඩි ලෙස හෙළාදකින බව එක්සත් ජාතික පක්ෂය අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
එමෙන්ම අද පස්වරුවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.
0 Comments