පාස්කු දින එල්ලවූ මරාගෙන මැරෙන ප‍්‍රහාරයට සම්බන්ධ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාව පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසි විමර්ශනයක් සිදු නොකළ බව ඒ පිළිබඳ සොයාබැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේදී අනාවරණ වී තිබෙනවා.

එහිදී වැඩිදුරටත් හෙළිවුණේ තඹ කර්මාන්ත ශාලාවේ ආරක්ෂාව සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කර්මාන්ත ශාලා හිමිකරුගේ නියෝජිතයන් දෙදෙනෙකු පත්කර තිබූ බවයි.

ඊයේ (14) ජනාධිපති කොමිෂන් සභාවට කැඳවූ කොටහේන පොලීසියේ එවක ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂක මහින්ද කරුණාරත්න මහතාගෙන්, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසටි අධිනීතිිඥ සංජීව ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප‍්‍රශ්න කළා.

ජ්‍යෙෂඨ පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර සහ ඔහුගේ පෞද්ගලික සහකාර උපේන්ද්‍ර යන අයගේ බලපෑම මත, පාස්කු ප‍්‍රහාරය පිළිබඳ දැනුවත් කර තිබූ ලිපියක් ප‍්‍රහාරයෙන් පසු ලැබුණු ලෙස පෙර දිනයක් යටතේ ගොනුකිරීමට පහළ නිලධාරීන්ට උපදෙස් දුන් බව මහින්ද කරුණාරත්න මහතා එම ප්‍රශ්නකිරීම්වලදී පිළිගෙන තිබෙනවා.