ඉදිරි මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාදීමට එක්සත් ජාතික පක්ෂ ප‍්‍රතිසංවිධාන කමිටුව තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට නව මුහුණුවරක් දීමට පත්කළ ප‍්‍රතිසංවිධාන කමිටුවේ නිර්දේශ සමග සජිත් පේ‍්‍රමදාස මහතාට ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වය දියයුතු බවට වන යෝජනාවද එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට ඉදිරි සතියේදී නිල වශයෙන් දැනුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එජාපයට සම්බන්ධ සියලූ පාර්ශවයන්ගේ අදහස් ලබාගෙන, පක්ෂයේ නව මුහුණුවර සකස් විය යුතු ආකාරය පිළිබඳ අංගසම්පූර්ණ වාර්තාවක් රනිල් වික‍්‍රමසිංහ මහතාට භාරදීමට නියමිත බවද සඳහන්.