අනුශ්ක ඉරාජ් වීරරත්නට සංචාරක ක්ශේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා සංචාරක මණ්ඩලයේ ප්‍රවර්ධන අධ්‍යක්ශක ධුරයක් ....
අද දින ගොසිප් කාරයන්ට පේජ් ඇඩ්මින්ලට එක එක දේශපාලන කදවුරැ වල දානගාගෙන ලියන අයට හිට් එකක් සෙට් වෙලා...
කසිප්පු මුදලාලිල ,එතනොල් කාරයෝ ,මාල හොරු, බැංකු හොරු,කොලුකාරයෝ, ගස්වටේ දුවපු එවුන් , පාර්ලිමේන්තු යවපු උන්ටපඅද හරි අවුලක් වගේ ,,,
මොකද අද මෙ පත්විම ලැබෙන වෙලේ රටේ ජනපති ගෝඨාභය රාජපක්ෂ . වැඩකරන විරැවට ගහනවා හොදට ..
කාටවත් කඩේ යාමක් නෙමේ ඇත්ත දන්න විදිහට ලියන්න හිතුවා.
ඉරාජ් එංගලන්තයේ Northumbria University එකෙ මූල්‍ය හා ගණකාධිකරණය ගැන උපාධිධරයෙක්..
උසස් අධ්‍යාපනය සම්බන්ධව ලෝකයේ ඉහලම තැනක තිබෙන විශ්ව විද්‍යාලයක්.
සෝශල් මීඩීයා වල කවුරු කොහොම කිව්වත් ප්‍රබල චරිතයක්. දින කිපයකට පෙර හොදම පෞරුෂත්වයක් හිමි යු ටියුබ් කරුවා ලෙසින් පෞද්ගලික සම්මාන උලේලක සම්මානයට පාත්‍ර වුවෙක්.
ෆේස්බුක්ද , යූ ටියුබ් ද වෙනත් මාද්‍යක්ද එක ලෙස අතික්‍රමණය කරපු අනුෂ්ක ඉරාඡ් වීරරත්න . මේ අර ඉහත කියපු උන්ට වඩානම් සංචාරක ක්ශේත්‍රයේ උන්නතිය සදහා යමක් කිරිමට හොදින්ම සුදුසුකම් සපුරා ඇති අයෙක්.
                        කුහක කමින් හිත් පුරෝගන උඩ පනින උන්ට රිදෙන්න වැඩක් කරන්න හයියක් කොන්දක් තියෙන තරුන  එකෙක් ඒ වගේ තැනකට ගියපු එකට ඇත්තටම සතුටු වෙයල්ලා.
නිකම් ජනපතිටයි අරැටයි මුටයි මඩ ගගහා වටේ දුවනවට වඩා මිනිස්සුන්ට දැනෙන්න යමක් කරන්න පුලුවන් එකෙක්ට තැනක් දුන්නු එකට සතුටුවෙයල්ලා.
සංචාරක ප්‍රවර්ධනය ශෝශල් මීඩීයා එක්ක එකිනෙක සම්බන්ධයි..ඉතින් එකේ ඉහලම තලයක ඉන්න එකෙක්ට ඒ වැඩේ ප්‍රමෝට් කරන එක ආයේ අමුතුවෙන් උගන්නන්න දෙයක් නැ.
අද ලෝකයේ සංචාරක ප්‍රවර්ධනය වැඩිපුරම කරන්නෙ ශෝශල් මීඩියා වල..

ඌට මේක නොදෙන්න ඕනෙ හේතුව විදිහට පෙන්වන්න තියෙන එනම දේ පහුගිය කා⁣ලයේ ඔහුගේ දේශපාලන කදවුර පමනයි. ඒ් ඔහුගේ පෞද්ගලිකත්වය හා මේ තනතුර පටලවාගෙන දගලන උන්ට කියන්න තියෙන්නේ ඔව් උ වැඩ්ඩෙක් උට ඒ වැඩේ කරන්න පුලුවන් 💪
                              සටහන-   ~ගයියා~