එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට බ්‍රහස්පතින්දාට පෙර ලබා දිය යුතු බව හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

එසේ නොවන්නේනම් තමන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් දේශපාලන තීන්දුවක් ගැනීමට සුදානම් බව ඒ මහතා කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වීමෙන් පසු ඔහු මේ බව සඳහන් කළ අතර ඉදිරි මහ මැතිවරණය සඳහා තමන් සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව පමණක් තරඟ කරන බවද අවදාරණය කර සිටියා.