කරු ජයසූරියට නායකත්ව මණ්ඩල නායක කම දී සජිත් සමග අගමැති අපේක්ෂක කම දී මැතිවරණයට යාමට යෝජනා වූ විට සජිත්වාදීන් වන අජිත් පෙරේරා, නලින් බණ්ඩාර, හරින් ප්‍රනාන්දු, සුජීව සේනසිංහ, තලතා වැනි මන්ත්‍රීවරු කරුට සහ නවීන්ට දැඩි ලෙස දොස් පවරමින් කැ ගසමින් එකම ගාලගෝට්ටියක් බවට පත් කර තිබෙනවා.
එහෙත් සජිත් පාර්ශ්වයේ නොවන ස්වාධින හා රනිල් හිතවාදීන් සැමවිටම පක්ෂය සමගිව යායුතු බවත් මේ කොලහාලය නවත්තන්නටත් දැඩි ලෙස උත්සහා කලත් එම මන්ත්‍රීවරුන්ට පහර දීමට පවා සජිත් පාර්ශ්වය උත්සහා කර තිබෙනවා.
සජිත් ප්‍රේමදාස පැත්තකට වී බලා සිට ඇති අතර කිසිවක් නොදන්නා ළදරුවකු මෙන් හැසිරී තිබෙනවා. නායක රනිල් සුපුරුදු පරිදි සිනහා මුසු මුහුණින් බලා සිට තිබෙනවා.
කෙසේ වෙතත් මේ පිරිස පක්ෂය කඩාගෙන යාමට යන බව පවසමින් බය කර ජනපති අපේක්ෂක කම ගත් ආකාරයට මේ නායක කම බෙල්ලට හිර කර ගැනීමට දැඩි ලෙස උත්සහා කර තිබෙනවා. 2025 තෙක් සැලැස්ම සජිත්ට දෙන ලෙස පැවසුවත් කිසිම සැලැස්මක් තවමත් ඉදිරිපත් කර නැ.
කෙසේ වෙතත් දින 52 සමයේ එජාපයේ වීරයා බව පැවසු කරු ජයසූරියට නායකත්ව මණ්ඩල නායක කම දීම විවේචනය කර තිබෙන්නේ මහින්ද සමග ආණ්ඩුවට එකතුවී කරු සහා නවින් පක්ෂය විනාශ කළා යනුවෙන් පවසමින්. දින 52 වීරයා බව මාධ්‍යට වොයිස්කට් දුන් අජිත් පෙරේරා සුජීව සේනසිංහ හරින් ප්‍රනාන්දු තලතා අතුකෝරල නලින් බණ්ඩාර වැනි පිරිස් බල්ලන්ට මෙන් කරුට හා නවීන්ට බැන වැද තිබෙනවා.
රන්ජන් සමග හිරුනිකාගේ හඬ පටියේ සජිත් මෝඩයකු බවත් රනිල්ගේ බුද්ධියට ගැසීමට අයෙක් රටේ නැති බවත් තිරය පසුපස පැවසු හිරුනිකා මාධ්‍යට පවසන්නේ පක්ෂයේ වෙනසක් අවශ්‍ය බවයි. ඒ සජිත්ට නායකත්වය ලැබිය යුතු බවයි. එසේම අජිත් පෙරේරා පවසන්නේ සජිත්ට නායකත්වය බ්‍රහස්පතින්දා ලැබෙන බවත් දැන් ප්රශ්නය අවසන් බවයි. එහෙත් එසේ කිසි එකගත්වයක් ඇති නොවී ඇති අතර බ්‍රහස්පතින්දා නැවත හමුවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
කෙසේ වෙතත් සජිත් පාර්ශවය අද සවස වන විට සජිත්ට පවසා ඇත්තේ නායකත්වය නොලබෙනවාන්ම් ස්වාධීනව මැතිවරණයට තරගකරමු යන්නයි. එය සජිත් ඇතුළු එම පිරිසට ඇති ජනතා කැමැත්ත මැන බැලීමට හොදම අවස්තාව වන අතර පක්ෂය කඩනවා යයි තර්ජනය කර පක්ෂ නායක කම හයිජැක් කිරීමේ සුපුරුදු උප්පරවැට්ටිය මෙවර සාර්ථක නොවන බවක් ඇති බවයි සිරිකොත ආරංචි මාර්ග පවසන්නේ.
සජිත් සිරසේ මහරාජාගේ රූකඩයක් පමණක් බවත් නායක ලක්ෂණ නැති පුම්බපු මිනිහෙක් බව පැවසු රන්ජන් හඬ පටය පහතින්
0 Comments