දීර්ඝ කාලයක සිට එහි පැමිණෙන පිරිස් වෙත පානීය ජල බෝතල් ලබාදීම සිදුවූ අතර, ඒ හේතුවෙන් දෛනිකව පරිසරයට බැහැර කෙරෙන ප්ලාස්ටික් ප්‍රමාණය පිළිබඳ සලකා බලා ජනාධිපතිවරයා මෙම පියවර ගෙන තිබෙනවා.
මෙම පියවර හේතුවෙන් පරිසරයට බැහැර කෙරෙන අපද්‍රව්‍ය ප්‍රමාණයේ සුළු හෝ අඩුවීමක් සිදුවන අතර, එය අනෙක් රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලද ක්‍රියාවට නැංවීම පිණිස දුන් ආදර්ශවත් ආරම්භයක් ලෙස සැලකිය හැකියි.
මින් ඉදිරියට ජනාධිපති ලේකම් කාර්යාලයේ සාකච්ඡා සඳහා සහභාගි වන්නන්ට ජල වීදුරු පිළිගැන්වීමට නියමිතයි.
ජනාධිපතිවරයාගේ මෙම පරිසර හිතකාමී ඉදිරි පියවර පරිසර සංවිධාන සහ පරිසර හිතකාමී ආයතන රැසක ඇගයීමටද ලක්ව තිබෙනවා
මෙරට ඉතිහාසයේ ප්‍රායෝගිකත්වය අතින් ප්‍රභල චරිතයක් බවට නව ජනපති පතත්ව ඇති බවනම් නොරහසකි.
0 Comments