මෙම තත්ත්වය හමුවේ ගම්මානයේ ජනතාව මුහුණපා ඇත්තේ දැඩි සෞඛ්‍ය ගැටලුවකටයි.
ගල්ලොලුව ගම්මානයේ බහුතරයක් මුස්ලිම් ජනතාව වාසය කරන අතර, මෙම කසළ ගැටලුවට හේතුව, දේශපාලනයට සම්බන්ධ කාරණාවක් බවයි
ඔවුන් පෙන්වා දෙන්නේ.
ගම්වාසීන් චෝදනා කරන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ගල්ලොලුව ගම්වාසීන් ඡන්දය ලබා නොදීම හේතුවෙන් මිනුවන්ගොඩ නගර සභාව එම ගම්මානයේ කසළ රැගෙන නොයන බවයි.
දේශපාලන කඳවුරකට සහාය නොදැක්වීම වැනි පටු කාරණාවක් මුල්කරගනිමින් ජනතාව මෙවැනි පීඩාවන්ට පත්කිරීම හෙළාදකින බවත්, බදු ගෙවන ජනතාවගේ මූලික අයිතියක් වන සෞඛ්‍ය සම්පන්න පිරිසිදු වටපිටාවක් ස්ථාපිත කිරීම මිනුවන්ගොඩ නගරාධිපතිවරයා ඇතුළු බලධාරීන්ගේ වගකීමක් බවත් ගම්වාසීන් අවධාරණය කරනවා.
0 Comments