දෙමළ ජනතාව කුපිත කරමින් ජාතිවාදය වැපිරීම නිසා යුද්ධයෙන් පසුව එළඹ ඇති සාමයට විශාල තර්ජනයක් විය හැකි බවත් යළිත් දෙමළ තරුණයින් යුද්ධයක් කරා යා හැකි බවත් උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් ඊ‍යේ දින යාපනයේදී පවසා තිබේ.

ඉන්දීය නළුවකු හා දේශපාලනඥයෙකු වූ  එම්.ජී.රාමචන්ද්‍රන් හෙවත් එම්ජීආර් ගේ 32 වන ගුණ සමරුව යාපනයේ පැවති අවස්ථාවේදී ශිවාජිලිංගම් මේ බව කියා සිටියේය.

හිටපු අමාත්‍යවරයෙකු කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් දෙමළ ජනතාව ඉතා පහත් කොට සලකා ප්‍රකාශ ගණනාවක්ම කොට ඇති බව කී ශිවාජිලිංගම් මෙවැනි ප්‍රකාශත් යාපනය ඇතුළු උතුරු පළාත තුලට  ජාතිවාදී අදහස් හා සංකල්ප බලහත්කාරයෙන් ඇතුළු කිරීමට එක්තරා පිරිසක් උත්සාහ කිරීම නිසා යුද්දයෙන් පසුව ඇතිවුණු සාමයට විශාල තර්ජනයක් එල්ල වන බවද පවසා තිබේ.

අතීතයේදී තරුණයින් ආයුධ අතට ගෙන යුද්ධයක් කරා ගමන් කළේ දෙමළ ජනයාට මේ අන්දමට සිදු වූ අසාධාරණකම් වලට එරෙහිව බවත් හිටපු මන්ත්‍රීවරයා මෙහිදි ප්‍රකාශ කර තිබේ.