පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පසුගිය රජයේ දැරූ අමාත්‍යාංශයේ සිදුවූ බව කියන වංචනික ක්‍රියා සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව රාජ්‍ය මුදල් අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්.

ජනාධිපතිවරණ දිනයේ මන්නාරම දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් පිරිසක් ප්‍රවාහනය කිරීම සඳහා ඔහු රජයේ මුදල් යොදාගත් බවට ලද පැමිණිල්ලක් ඔස්සේ විමර්ශන අරඹා ඇති බවයි වාර්තා වන්නේ