පක්ෂයේ ව්‍යවස්ථාව අනුව 2025 වසර තෙක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දැරිය යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතා බව එම පක්ෂයේ නීති ලේකම්, ජනාධිපති නීතීඥ නිශ්ෂංක නානායක්කාර මහතා පවසනවා.

පසුගියදා පැවති පක්ෂ සම්මේලනයේදී පක්ෂ නායකයා ලෙස වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා වූ බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

ඒ අනුව එළඹෙන වසර 6ක කාලය වික්‍රමසිංහ මහතා පක්ෂයේ නායකත්වය දැරිය යුතුයි.

2025 වසරට පෙර රනිල් වික්‍රමසිංහ මහතා නායකත්ව ධුරයෙන් ඉවත්කිරීමට නම් ක්‍රම දෙකක් පවතින බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

ඉන් එක් ක්‍රමයක් වන්නේ වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමයි.

දෙවැනි ක්‍රමය වන්නේ විශේෂ පක්ෂ සම්මේලනයක් කැඳවීමයි.

පවතින දේෂපාලන තත්ත්වය මත මේ කරුණු දෙකම සිදු කළ නොහැකි බවයි නානායක්කාර මහතා සඳහන් කළේ.