තමන්ට නියෝග ලබා දීමට ජනාධිපති කොමිසමට කිසිඳු බලයක් නොමැති බව නීතිපතිවරයා සඳහන් කර තිබෙනවා.
දේශපාලන පලිගැනීම් ගැන සොයන ජනාධිපති කොමිසම ඊයේ නීතිපතිවරයාට දන්වා තිබුණේ විමර්ෂණ අවසන් වනතුරු හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හා ඩී.කේ.පී දසනායකට එරෙහි නඩු අත්හිටුවන ලෙසයි.
කොළඹ කොටහේන හා තදාසන්න ප්රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට පසුගියදා සිතාසි නිකුත් කර තිබුණා.
කෙසේ වෙතත් නඩුව කැඳවූ අවස්ථාවේ හිටපු හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අධිකරණයට පැමිණ සිටියේ නැහැ.
ඔහුට සිතාසි භාර දීම සම්බන්ධයෙන් අපැහැදිලි තත්ත්වයක් ඇති බැවින් යළි සිතාසි නිකුත් කිරීමට අධිකරණය නියෝග කළා.
0 Comments