කොරෝනා වයිරසය යනු කුමක්ද?
කොරෝනා වයිරස් යනු සතුන් අතර ඇති බහුලව දක්නට ලැබෙන වෛරස් විශාල සමූහයක්.මේ ගැන විවිධාකාර මත ගොඩනැගුනා. සාමාන්‍යයෙන් චීන ජනයා විවිධාකාර සතුන් ආහාරයට ගන්නා නිසා ඒ හරහා පැමිණි බවට සැක කෙරුණා.නමුත් මෙම වෛරසය වවුලන්ගෙන් පැමිණි කොරෝනා වෛරසයකට වැඩි නෑකමක් කියන බව ඔප්පු වී තිබෙනවා.
රෝග ලක්ෂණ මොනවාද?
සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යාවට සමාන රෝග ලක්ෂණ වන නාසය, කැස්ස, උගුරේ අමාරුව, සමහර විට හිසරදය සහ උණ වැනි රෝග ලක්ෂණ වෛරසය නිසා දින කිහිපයක් පැවතිය හැකිය. දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අයට, වෛරසය මගින් නියුමෝනියාව දක්වා වර්ධනය විය හැක.
පැතිරෙන්නේ කෙසේද?
වෛරසය මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන බව තහවුරු කර තිබේ.කැස්ස, කිවිසුම් යාම,ආසාදිත පුද්ගලයෙකු ස්පර්ශ කළ දෙයක් ස්පර්ශ කිරීමෙන් පසුව, ඔබේ මුඛය, නාසය හෝ ඇස් ස්පර්ශ කිරීමෙන් වෛරසය සම්ප්‍රේෂණය විය හැකිය.කොරෝනා වෛරසය පුද්ගලයෙකු තුල ක්‍රියාකාරී වනුයේ දින 6 ත් 8 ත් අතර කාලයක් පමණක් බව දැනට සොයා ගෙන ඇත.
ප්‍රතිකාරයක් තිබේද?
නිශ්චිත ප්‍රතිකාරයක් නොමැත. ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 57ක මට්ටමේ විනාඩි 30ක් එකදිගට තැබීමෙන් කොරෝනා වෛරස කාරකයන් තුරන් කරන්න පුලුවන්.තවද ඇල්කොහොල්/ මධ්‍යසාර/ එතනෝල් ඊට හොඳ විකල්ප කියලා තමා කියන්නෙ,බොහෝ විට රෝග ලක්ෂණ තනිවම පහව යනු ඇත.
Wuhan Coronavirus වූහාන් කොරෝනා වයිරසය පිලිබඳව මේ වන විට ලෝකයට දැඩි අවධානයකින් පසු වෙනවා. වයිරසය වැලඳුන රෝගීන් සංඛ්‍යාව මේ වන විට 1400 දක්වා ඉහල ගොස් තිබෙන අතර, ඉන් රෝගීන් 1372ක්ම වාර්තා වන්නේ චීනයෙන්. මේ වන විට සම්පූර්ණයෙන්ම සුව වූ පුද්ගලයින් 39 දෙනෙකු ප්‍රතිකාර ලබා ගැනීම අවසන් වී, රෝහල් වලින් පිටව ගොස් තිබෙන බව විදෙස් වාර්තා වල සඳහන්.ආසාදිත රෝගීන් සංඛ්‍යාව ඉහල ගියත්, සාපේක්ෂව, මිය ගිය රෝගීන් සංඛ්‍යාව වැඩි නොවී පාලනය වී තිබීම ඉතා යහපත් ප්‍රවණතාවයක්. මෙතෙක්, මිය ගොස් ඇති බවට වාර්තා වන කොරෝනා වයිරස් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 41ක් . ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ චීනයේ Hubei හුබෙයි ප්‍රදේශයෙන්. මේ වනවිට චීනයේ නගර 13 ක් quarantine ( නිරෝධනය ) එනම් ලක්ෂ 400 නගරවාසීන් හුදකලා කරමින් රෝගී තත්වය පැතිරීමේ සිමා කිරීමේ ක්‍රමවේදය තවදුරටත් අනුගමනය කරමින් ඇත.එය චීනයේ හා ලෝකයේ වෙනත් ජනතාවට කොරෝනා වෛරසය පැතිරවීම වැලක්වීමේ සාර්ථක ක්රමයකි .එසේම මෙම පිරිසත් දින 6 ක් හා 8 මෙසේ හුදකලා කිරීම තුලින් ව්‍යාප්තිය අවම කිරීමේ එක් ක්රමයකි.මෙම රෝගයට නිශ්චිත ප්‍රතිකාරයක් සොයා ගෙන නොමැති අතර 2003 දී සාර්ස් වෛරසයටත් කිසිම ප්‍රතිකාරයක් සොයා ගැනීමට නොහැකි විය.ස්වභාවධර්මයෙන් තමන්ට ලැබෙන ප්‍රතිශක්තියෙන් රෝගියා තුලින්ම මෙම රෝගියා සුව වූ අතර, කොරෝනා වෛරසය 2003දී ඇති වූ සාර්ස් වෛරසයට ඉතාමත් සමාන කම් දක්වන අතර එහෙත් එතරම් ප්රචන්ඩ නොවේ.
මෙයට කලකට පෙර ලොව පුරා භීතියක් ඇති කරමින් පැතිරුණු සාර්ස් වසංගතයට හේතු වූ වෛරසයද අයත් වූයේ මෙම කොරෝනා වෛරස කාණ්ඩයටය.මේවා කොරෝනා වෛරස නමින් හැඳින්වෙන්නේ මෙම වෛරසයේ ස්වරූපය හිරුගේ රැස් වලල්ලෙහි හෙවත් කොරෝනාවෙහි හැඩයට සමාන වීම නිසාය.2002-2003 කාලයේ පැතිරුණු සාර්ස් වසංගතයේ දී රෝගීන් 8,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වූ අතර එයින් 774 දෙනෙක් මිය ගියහ.රටවල් 37 කින් රෝගීන් වාර්තා විය. වැඩිපුරම රෝගීන් හමු වූයේ චීනයෙන් සහ හොංකොං කලාපයෙනි.මන්ද 2003 දී සාර්ස් වෛරසය තුල රෝගීන් මරණයට පත් වීම 10% පමණ වුවත් ඊට සමාන මෙම කොරෝනා වෛරසය තුල එය 3%% දක්වා වේ.2013 සිට 2016 දක්වා ඉබෝලා වෛරසය බටහිර අප්‍රිකාවේ පැතිර ගිය අතර එයත් මෙම කොරෝනා වෛරසයට වඩා ප්රචණ්ඩ විය.ලයිබීරියාව , සියෝරා ලියොන් හා ගිනියාවේ රෝගීන් 28 000 පමණ බිහි වී ඉන් රෝගීන් 11 300 පමණ මරණයට පත් විය.අනෙක් වෛරසය දෙකෙන් වෙනස් වීමේදී මෙම ඉබෝලා වෛරසය රෝගියෙක් තුල සති 3 ක් ක්‍රියාකාරී වීම ප්‍රධාන සාධකයකි.මෙම රෝග දෙකේම උණ , කැස්ස , හා හුස්ම් ගැනීමේ අපහසුව හා පසුව නිව්මෝනියා තත්වය දක්වා වර්ධනය වීම පොදු ලක්ෂණයක් විය.
ලෝකයේ සැම රටකම ජාත්‍යන්තර ගුවන් තොටුපොල වල් වලදී චීනයේ සිට පැමිණෙන ගුවන් මගින් වෙනමම විශේෂ පරීක්ෂණයකට ලක් කරන අතර , එහෙත් අප වැනි දුගී රටකට දියුණු නව තාක්ෂණික උපකරණත් හිග බවත් සැලකිලිමත් විය යුතුය.ශ්‍රී ලංකාවේ ද ශරීරයේ උෂ්නත්වය සොයා බැලීමේ උපකරණ ගුවන් තොටුපොල තුල දැන් සවි කර ඇති අතර එහෙත් ලොවේ වෙද්‍ය තාක්ෂනය ඊට බොහෝ දුර ගොස් ඇත
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවමත් කොරෝනා වෛරසය සම්බන්ධව ලොව පුරා හදිසි තත්වයක් ප්‍රකාශ කර නොමැති අතර ඔවුන් මේ සම්බන්ධව සියලු දත්ත පැය 24 තුලම නිරික්ෂනය කිරීමෙන් පසුවේ.මේ වනවිට රෝගීන් සොයා ගෙන ඇති රටවල් අතරට චීනය ,ජපානය,දකුණු කොරියාව,නේපාලය,තායිවානය,ඇමරිකාව,ප්‍රංශය,තායිලන්තය, සිංගප්පූරුව සහ වියට්නාමය ඇතුලත් වේ.
මීට වඩා ලංකාවේ අපි බිය විය යුතු ලෙඩ තිබෙනවා. උදාහරණයක් ලෙස ගත් විට Influenza රෝගයත් මේ වන විට ලංකාවේ පැතිර යන රෝගයකි. ඒ ගැන මිනිස්සුන්ගේ දැනුවත් බව තවමත් අඩු තත්වයක තිබීම නිසා,මෙයට වඩා බලපෑමක් ඉන්ෆලූසා H1N1 වෛරසය ආසාදනය වීමෙන් සිදුවිය හැක.මේ රෝගයෙනුත් මිනිස්සු මිය යන්නට හැකියාව තිබෙනවා. මේ බොහොමයක් ශ්වසන පද්ධතිය හරහා වැලඳෙන රෝග නිසා පාලනය කිරීම පහසු වන ලෙස ඖෂධ සොයා ගෙන තිබෙනවා.සමාජ මාධ්‍ය විසින් මෙය අනවශ්‍ය ආකාරයට උලුප්පවා පෙන්වීමට උත්සාහ දැරීම නිසා බොහෝ දෙනා අනිසි බියක් ඇති කරගෙන සිටීම නිසා හැකි සෑම විටෙකම පිළිගත් වෙබ් අඩවි වලින් තොරතුරු ලබාගැනීමට යොමු වීම මෙවැනි අවස්ථාවලදී ඉතා වැදගත්වනවා.
0 Comments