අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පුද්ගල ඝාතකයකු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ව ඔහු විසින් ඝාතනය කරවූ බවයි.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා කෙළෙහිගුණ නොදන්නා පුද්ගලයකු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති විනාශ කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා චෝදනා කරනවා.

පසුගිය ආණ්ඩුව පැවති සමයේදී රඹුක්වැල්ල මහතා එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකකමක් ඉල්ලා සිටි බවද රනිල් වික්‍රමසිංහ මහතා ඊට විරුද්ධ වූ බවද මන්ත්‍රීවරයා මෙහිදි කියා සිටියා.