මහා භාණ්ඩාගාරය මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට පත්ව තිබෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (23) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.

පසුගිය රජය සමයේ සිදුකළ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් ගෙවීමට සිදුව ඇති බවත්, මේ පිළිබඳව සංඛ්‍යා දත්ත සහිත නිවැරදි වාර්තාවක් ඉදිරියේදී මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එහිදී සඳහන් කර සිටියා.